පුනරුත්ථාපන කාර්යාංශ පනත් කෙටුම්පත සම්මතයි

පුනරුත්ථාපන කාර්යාංශ පනත් කෙටුම්පත දෙවන වර කියවීම අද (ජන. 18) පාර්ලිමේන්තුවේදී සම්මත විය.
එම පනතට පක්ෂව ඡන්ද 23ක් සහ විරුද්ධව ඡන්ද 6ක් හිමි විය.
පසුව එම පනත කාරක සභා අවස්ථාවේදී සලකාබලා සංශෝධන සහිතව සම්මත වූ අතර ඒ අනුව කතානායකවරයා සඳහන් කළේ, පුනරුත්ථාපන කාර්යාංශ පනත් කෙටුම්පත තෙවන වර කියවීම සංශෝධන සහිතව සම්මත වූ බව ය.

