පේරේ සරසවි සිසුන්ට කඳුළු ගෑස් ප්‍රහාරයක්

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ විරෝධතාවක් විසුරුවා හැරීම සඳහා පේරාදෙණියේදී පොලීසිය මීට සුළු මොහොතකට පෙර කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ලකර තිබේ.
මේ හේතුවෙන් කොළඹ නුවර ප්‍රධාන මාර්ගය පේරාදෙණිය සරසවිය ඉදිරිපිටින් අවහිර වී තිබේ.
මහා ශිෂ්‍ය සංගමයේ සභාපතිවරයා ඇතුළු සරසවි සිසුන් නිදහස් කරන ලෙසට ඉල්ලමින් පේරාදෙණිය සරසවියේ මහා ශිෂ්‍ය සංගමය විසින් මෙම විරෝධතා පා ගමන ආරම්භ කර තිබේ.

