ව්‍යාපාරිකයෙකු කපා කොටා ඝාතනය කෙරේ

ව්‍යාපාරිකයෙකු කපා කොටා ඝාතනය කෙරේ

යාපනයේ – කෝපාරයි ප්‍රදේශයේ දී පුද්ගලයෙකුව තියුණු ආයුධයකින් පහර දී කපා කොටා ඝාතනය කර තිබෙනවා.

මෙම ඝාතනය සිදුව ඇත්තේ ඊයේ (21) රාත්‍රියේ දී ඔහුට අයත් නිවසේදියි.

මෙලෙස මියගොස් ඇත්තේ 30 හැවිරිදි ව්‍යාපාකරියක්.

මුහුණු ආවරණය කරගත් තිදෙනෙකු පැමිණ මෙම අපරාධය සිදු කර තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් මෙතෙක් කිසිවෙකුත් අත් අඩංගුවට ගෙන නොමැති අතර, සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් විමර්ශන ක්‍රියාත්මකයි.

COMMENTS