බදු වැඩි කිරීමට එරෙහිව කළු විරෝධතාවක්

රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය අද (23) කලු පටි සහ කලු ඇදුමෙන් සැරසී රාජකාරි සඳහා වාර්තාකර තිබුණා.
බදු ප්‍රතිපත්තියට එරෙහිව සහ ඖෂධ හිඟයට පිළියම් සකසා දෙන ලෙස ඉල්ලමිනුයි ඔවුන් මෙලෙස කළු පටි සහ කළු ඇදුමෙන් සැරසී රාජකාරියට වාර්තා කළේ.
මේ අතර, ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් රෝහල් කනිෂ්ඨ කාර්ය මණ්ඩලය ක්‍රියාත්මක කළ පැය 4ක සංකේත වර්ජනය හේතුවෙන් රෝහල් වල බාහිර රෝගී අංශයේ කටයුතු සඳහා බාධා එල්ල වුණා.
කනිෂ්ඨ කාර්ය මණ්ඩල ඒකාබද්ධ සෞඛ්‍ය සේවා සංගමය උදෑසන 08 සිට දහවල් 12 දක්වා දිවයින පුරා රෝහල්වල මෙම සේවයෙන් ඉවත් වීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය දියත් කළ අතර, මේ නිසා කොළඹ ජාතික රෝහල, දකුණු කොළඹ ශික්ෂණ රෝහල, රාගම ශික්ෂණ රෝහල ඇතුළු රෝහල් රැසක කටයුතුවලට බාධා එල්ල වුණා.
එමෙන්ම බදු වැඩි කිරීමට විරෝධය පළ කරමින් ලංකා බැංකු සේවක සංගමය අද (23) කළු වර්ණයෙන් සැරසී මෙන්ම කළු පටි පැළඳ සේවයට වාර්තා කර තිබුණා.

