විදුලි ගාස්තු සංශෝධනයට මහජන උපයෝගිතා කොමිසමේ ඒකමතික එකඟතාව

2009 විදුලිබල පනතට අනුව ඉල්ලා ඇති විදුලි ගාස්තු සංශෝධනයට මහජන උපයෝගිතා කොමිසමේ ඒකමතික එකඟතාව පළ කර තිබේ.
එහි සභාපති ජනක රත්නායක මහතා පැවසුවේ, කැබිනට් මණ්ඩලය අනුමත කර ඇති විදුලි බිල සංශෝධනයේ සෙසු කරුණු සම්බන්ධයෙන් නීති උපදෙස් ලබා ගැනීමට කටයුතු කරන බවයි.
එම තීරණ සිය කොමිසමේ සියලු සාමාජිකයින්ගේ ඒකමතික තීරණයක් බව සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ ය.
විදුලිය බිල 65 % – 70% ත් අතර අගයකින් ඉහළ දැමීමට පසුගිය දා කැබිනට් මණ්ඩලය තීරණය කළේ ය.
ඒ, ජනවාරි පළමු වැනි දා සිට ක්රියාත්මක කරන ලෙස දන්වමිනි.
කෙසේ වෙතත් මහජන උපයෝගිතා කොමිෂන් සභාව දිගින් දිගටම අවධාරණය කළේ, එලෙස විදුලි ගාස්තු සංශෝධනයට අවසර දිය නොහැකි බවයි.
එහෙත්, විදුලි බල පනතේ දක්වා ඇති පරිදි විදුලි බිල සංශෝධනය කිරීමට අදාළ ගණනය කිරීම් කරන බව මහජන උපයෝගීතා කොමිසම ප්රකාශ කළේ ය.

