මේජර් අජිත් ප්‍රසන්නට බරපතල වැඩ සහිත සිර දඩුවම්

මේජර් අජිත් ප්‍රසන්නට බරපතල වැඩ සහිත සිර දඩුවම්

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වැරදිකරු වූ විශ්‍රාමික යුද හමුදා මේජර් නීතිඥ අජිත් ප්‍රසන්න මහතාට ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලේ බහුතර විනිසුරුවරු විසින් බරපතළ වැඩ සහිත වසර හතරක සිරදඬුවම් සහ රුපියල් ලක්ෂ 3 ක දඩයක් ද නියම කළේය.

එම දඩ මුදල ගෙවීම පැහැර හරිනු ලැබුවහොත් අමතරව තවත් මාස හයක සිරදඬුවම් නියම කරන බවත් නියෝග කර ඇත.

ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලේ ප්‍රීති පද්මන් සූරසේන සහ එස්ගතුරෙයි රාජා යන බහුතර විනිසුරුවරුන් විසින් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කළහ.