යාපනයේ වලියක් – 6ක් රෝහලේ

යාපනයේ ක්රියාත්මක කල්ලි දෙකක් අද (24) දහවල් යාපනය, චුන්නාකම් ප්රදේශයේ දී ගැටුමක් ඇති කරගෙන තිබෙනවා.
එහිදී ඔවුන් වාහන එකිනෙක ගැටීමට සළස්වා ඇති අතර, අනතුරුව කඩුවලින් පහර දීමක් සිදුකර ඇති බවයි වාර්තාවන්නේ.
දකුණු ඉන්දීය සිනමා පටවල දැක්වෙන ආකාරයෙන් කුඩා ලොරි රථයක්, කුඩා මෝටර් රථයක් සහ යතුරුපැදියක් මෙලෙස එකිනෙක ගැටීමට සළස්වා ඇති අතර, සිද්ධියෙන් තුවාල ලැබූ හය දෙනෙකු යාපනය ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබෙනවා.
මෙම කල්ලි සාමාජිකයන් විසින් යාපනය ප්රදේශයේ මංකොල්ලකෑම්, පහරදීම් සහ පුද්ගල බියවැද්දවීම් සිදුකරන බවට ද තොරතුරු වාර්තා වන අතර, මීට පෙරද අවස්ථා ගණනාවක දී ඔවුන් අතර විවිධ ගැටුම් හටගෙන ඇති බව සඳහන්.





