නිදහසට කරුණු කියන්න නිලධාරින් දෙදෙනෙක් මානව හිමිකම් කොමිසමට

උසස් පෙළ විභාගය අවසන් වන තුරු විදුලිය විසන්ධි කිරීම වැළැක්වීමට පියවර නො ගැනීම ගැන පරීක්ෂණයට, විදුලිබල අමාත්‍යාංශ අතිරේක ලේකම් සුගත් ධර්මකීර්ති සහ උපයෝගිතා කොමිසමේ සභාපති මානව හිමිකම් කොමිසමට පැමිණ තිබෙනවා.
මෙතෙක් විදුලිය විසන්ධි වුණේ, දිනකට පැය 2යි විනාඩි 20ක් වශයෙන්.
නමුත් උසස් පෙළ විභාගය පැවැත්වෙන දිනවල එම කාලය විනාඩි 20කින් අඩු කෙරුණා.
මේ අතර අද (25) සිට විදුලි කප්පාදුව නැවතත් සංශෝධනය කිරීමට මහජන උපයෝගිතා කොමිසම ඊයේ තීරණය කර තිබුණා.
ඒ අනුව අද පැය 2යි විනාඩි 20ක විදුලි කප්පාදුවක් සිදුකෙරෙන බව ඔවුන් පැවසීය.

