මහවැලි ගඟට පැන්න බවට සැක කෙරෙන පුද්ගලයෙකු සොයා මෙහයුමක්

මහවැලි ගඟට පැන්න බවට සැක කෙරෙන පුද්ගලයෙකු සොයා මෙහයුමක්

කටුගස්තොට, පොඩි පාලමෙන් මහවැලි ගඟට පැන්න බවට සැක කෙරෙන පුද්ගලයෙකු සොයා පොලිසිය සහ ආරක්ෂක අංශ මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා.

ප්‍රදේශවාසින් විසින් පොලිසියට දැනුම් දී ඇත්තේ අද (26) දහවල් මෙම පාලමෙන් පුද්ගලයෙකු මහවැලි ගඟට පැන ඇති බවයි.

කටුගස්තොට පොලීසිය විසින් විමර්ශනයක් ආරම්භ කර ඇති අතර කවුරුන් එලෙස පැන්නේද යන්න පිළිබඳ තවමත් නිශ්චිත තොරතුරක් අනාවරණය වී නැහැ.

COMMENTS