9 වන පාර්ලිමේන්තුවේ 3 වන සැසි වාරය අවසන් කෙරේ

9 වන පාර්ලිමේන්තුවේ 3 වන සැසි වාරය අවසන් කෙරේ

නව වන පාර්ලිමේන්තුවේ තුන් වන සැසි වාරය අද (27) මධ්‍යම රාත්‍රියෙන් අවසන් කිරීමට අදාළ ගැසට් නිවේදනය ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා විසින් නිකුත් කරනු ලැබ තිබේ.

ඊට අනුව නව වන පාර්ලිමේන්තුවේ හතර වන සැසි වාරය එළැඹෙන පෙබරවාරි 8 වන දින පෙ.ව. 10.00ට ජනාධිපති රනිල් වික්‍රමසිංහ අතින් විවෘත වීමට නියමිත ය.

මෙවැනි සැසි වාර අවසන් කිරීමකින් අනතුරුව යළි නව සැසි වාරයකට පාර්ලිමේන්තුව ආරම්භ කිරීමේදී ජනාධිපතිවරයා විසින් සිය ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීම සාම්ප්‍රදායිකව සිදු වේ.

ඒ අනුව, 75 වන නිදහස් දින සැමරුමත් සමග රට තුළ ක්‍රියාත්මක කිරීමට යෝජිත නව ප්‍රතිපත්ති, නව නීති හා පනත් සහ 2023-2048 කාල සීමාවේ නිදහසේ සියවස් සැමරුම දක්වා රටේ උන්නතිය වෙනුවෙන් පක්ෂ, පාට, ජාති භේදයකින් තොරව අනිවාර්යයෙන් ම ක්‍රියාත්මක කළ යුතු වැඩපිළිවෙළ පිළිබඳ එම ප්‍රතිපත්ති ප්‍රකාශය මගින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත ය.

COMMENTS