ආසියානු කුසලාන ක්රිකට් තරඟාවලිය අද සිට ඇරඹෙයි

2023 ආසියානු කුසලාන ක්රිකට් තරගාවලිය අද (30) ආරම්භ වෙනවා.
ඒ පකිස්තානයේ මුල්තාන්හිදී.
පළමු තරගය ලෙස A කාණ්ඩයෙන් තරඟ වදින්නේ පකිස්තානය හා නේපාලයයි.
A කාණ්ඩය යටතේ තරග වදින රටවල් වන්නේ පකිස්තානය, ඉන්දියාව සහ නේපාලයයි.
මෙවර ආසියානු කුසලාන තරගාවලිය සඳහා B කාණ්ඩය යටතේ ශ්රී ලංකාව තරග වැදීමට නියමිතය බවයි සඳහන් වන්නේ.
එම තරඟය හෙට (31) පැවැත්වීමට නියමිත බවයි.
මෙවර ශ්රී ලංකා කණ්ඩායමේ ප්රබල ක්රීඩකයින් 4 දෙනෙකු ආබාධිත තත්ත්වය හේතුවෙන් සංචිතය සඳහා කැඳවා නොමැති බවයි වාර්තා වන්නේ.
ඒ වනිඳු හසරංග, දුෂ්මන්ත චමීර, ළහිරු කුමාර සහ දිල්ශාන් මදුසංක යන ක්රීඩකයන්ය.

