නන්තල වෙනුවෙන් අද සිට දුම්රිය ගමන් වාර කිහිපයක්

නත්තල් උත්සව සමය වෙනුවෙන් දුර ගමන් සේවා දුම්රිය ගමන් වාර කිහිපයක් අද සිට ක්රියාත්මක කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.
කොළඹ කොටුව – බදුල්ල, මහනුවර – බදුල්ල සහ අනුරාධපුරය – කන්කසන්තුරය ස්ථානවලට ඉහළට සහ පහළට එම දුම්රිය ක්රියාත්මක වන බව සදහන්.
ඒ අනුව අද ,හෙට සහ ලබන 25 සහ 26 යන දිනවල කොළඹ කොටුවෙන් පෙරවරු 7.30 ට ද, අනිද්දා සහ 25 දිනවල කොළඹ කොටුවෙන් පෙරවරු 7.30 ට ද, බදුල්ල බලා විශේෂ දුම්රිය ධාවනය වනවා.
එමෙන්ම අද සිට 25 වනදා දක්වා බදුල්ලේ සිට පෙරවරු 5.20 ට ද, ලබන 24 සහ 26 යන දිනයන්හි පෙරවරු 7.45 ට ද, කොළඹ කොටුව බලා විශේෂ දුම්රිය ද ධාවනය කිරීමට නියමිත බව දුම්රිය දෙපාර්තමේන්තුව වැඩිදුරටත් කියා සිටියා.

