මෙරට විශ්වවිද්‍යාලයකින් ප්‍රථම වරට රූපවාහිනී නාලිකාවක්

සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ වත්මන් උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය (ආචාර්ය) රෝහණ පී. මහලියනආරච්චි මහතගේ සංකල්පයක් අනුව මෙරට විශ්වවිද්‍යාලයකින් ආරම්භ කරන ප්‍රථම රූපවාහිනි නාලිකාව ලෙස සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ (VAPA TELEVISION) වාපා ටෙලිවිෂන් නාලිකාව පෙබරවාරි මස 02 වන දින පෙරවරු 9.15ට Peo TV නාලිකා අංක 123 ඔස්සේ විකාශය කිරීමට නියමිතය.
“ටෙලිවිෂන් ආලකමන්දාව” යන තේමා පාඨය පෙරදැරි කරගනිමින් ශ්‍රී ලංකාවේ සර්වවිධ කලා ක්ෂේත්රයේ පුරෝගාමීන් බහුතරයකගේ පදනම වූ සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලය තබන මෙම නව පියවර විද්‍යාර්ථීන්ගේ අපේක්ෂා සඵල කරගැනීමට මහඟු පිටුවහලක් වන අතර ආදී විද්‍යාර්ථීන්ගේ සහ අධ්‍යාපන ක්ෂෙත්රයන්හි කටයුතු කරන සැමට තම නිර්මාණ, පර්යේෂණ, නවෝත්පාදන ආදිය ජනගත කිරීම සඳහා උපරිම දායකත්වය ලබාදීමට නියමිතය.
මෙහි විකාශන කටයුතු ආරම්භ කිරීම ගරු අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මැතිතුමාගේ සහ ගරු ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරෙන අතර දේශීය රූපවාහිනි නාලිකා විසින් සෞන්දර්ය, කලාව හෝ ශාස්ත්‍රීය සංකථන සහ තදානුබද්ධ අත්දැකීම් කෙරෙහි හෝ නූතන සමාජ ප්‍රවේශය සඳහා වෙන් කරන ගුවන් කාලය සීමිත බැවින් එම අහිමි වූ අවස්ථා සහ සබඳතා වර්ධනය කර ගැනිමට තෝතැන්නක් ලෙස වාපා නාලිකාව ජනගත වේ.


