මත්ද්‍රව්‍ය සෙවීමේදී පාසල් ළමුන් නිකරුණේ පරික්ෂා කරන්න එපා – පොලිස්පති

මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් පාසල් ළමයින් පරීක්ෂා කළ යුතු ආකාරය පිළිබඳ පොලිස්පති සී.ඩී.වික්‍රමරත්න පොලිසියට උපදෙස් මාලාවක් ලබා දි තිබෙනවා.
ඒ අනුව පාසල් ළමුන් පරීක්ෂා කළ යුත්තේ, ඒ පිළිබඳ නිශ්චිත තොරතුරක් ඇති නම් පමණක් බව යි පොලිස්පතිවරයා සඳහන් කරන්නේ.
නිකරුණේ පාසල් ළමුන් පරීක්ෂා කිරීමෙන් වළකින ලෙසත් ඒ අනුව පොලිස්පතිවරයා පොලිසියට දැනුම්වත් කර ඇති බව සඳහන්.

