හෙට සහ අනිද්දා විදුලි කප්පාදුවක් නැහැ – 2 වැනිදා සිට යළි විදුලිය කැපෙයි

ජනවාරි 02 වැනිදා පැය 02යි විනාඩි 20ක කාලයක් විදුලිය කප්පාදු කිරීම සඳහා ලංකා විදුලිබල මණ්ඩලයට අවසර දුන් බව මහජන උපයෝගිතා කොමිසම පවසනවා.
ඒ අනුව දිවා කාලයේ දී පැයක කාලයක් සහ රාත්රී කාලයේ දී පැය 01යි විනාඩි 20ක කාලයක් විදුලිය කප්පාදු කෙරෙනු ඇති.
මේ අතර හෙට (31) සහ අනිද්දා (01) විදුලි කප්පාදුවක් සිදු නොකෙරෙන බව ශ්රී ලංකා මහජන උපයෝගීතා කොමිසම පවසනවා.

