වැඩි මුදලකට අල් නසාර් සමඟ ගිවිසුම් ගත වූ සුපිරි තරුව

පෘතුගාල පාපන්දු කණ්ඩායමේ නායක ක්‍රිිස්ටියානෝ රොනාල්ඩෝ සෞදි අරාබියේ අල් නසාර් ක්‍රීඩා සමාජය සමඟ ගිවිසුමකට එළඹ තිබෙනවා.
විදෙස් වාර්තා සඳහන් කළේ 2025 වසර දක්වා ඔහු එම ක්‍රීඩා සමාජය සමඟ මෙලෙස ගිවිසුම් ගතවී ඇති බවයි.
ඒ අනුව ඔහුට ඉතිහාසයේ ක්‍රීඩකයෙකුට ලැබෙන වැඩිම වැටුප වන බ්‍රිතාන්‍ය පවුම් මිලියන 177ක් වාර්ෂිකව හිමිවනු ඇති බවයි විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කළේ.
37 වන වියේ පසුවන රොනාල්ඩෝ සඳහන් කර ඇත්තේ නව ක්‍රීඩා සමාජය සමඟ කටයුතු කිරීමට තමා දැඩි උනන්දුවකින් පසුවන බවයි.


