විදුලි බිල වැඩි කළොත් එය මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් – PUCSL

විදුලි බිල වැඩි කළොත් එය මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් – PUCSL

විදුලි ගාස්තුව නියමිත පරිදි ඉහළ දැමීමට රජය කටයුතු කළහොත් එය මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් බව මහජන උපයෝගීතා කොමිසන් සභාවේ පාරිභෝගික උපදේශන කමිටුව පවසනවා.

කොළඹ ඊයේ (30) කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි සභාපති නිමල් පෙරේරා කියා සිටියේ විදුලි ගාස්තු ඉහළ දැමුවහොත් රටද ආර්ථික වශයෙන් පරිහානියකට පත්වන බවයි.

මේ අතර ජනවාරි මාසයේදී ස්ථිරවම විදුලි ගාස්තු ඉහළ දමන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පසුගියදා කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළා.

ඊට අදාළ යෝජනාව අනිද්දා (02) කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බවත්, නව ගාස්තුව ජනවාරි මාසයේ බිලට එක් කිරීමට අපේක්ෂා කරන බවත් අමාත්‍යවරයා එහි දී කියා සිටියා.

එමෙන්ම අදාළ විදුලි ගාස්තු ඉහළ දැමීමේ යෝජනාවට කැබිනට් අනුමැතිය ලැබීමෙන් පසු එය මහජන උපයෝගීතා කොමිසමට යොමු කිරීමටද නියමිතයි.