ශ්‍රී ලංකා ක්‍රිකට් ගොඩ දාන්න මහේලට තවත් වසරක්

ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණු උපදේශක මහේල ජයවර්ධන මහතාගේ සේවය තවත් වසරකින් දිගු කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව තීරණය කර ඇත.
ලොව පිළිගත් පුහුණුකරුවකු සහ ලෝක කුසලාන දිනූ හිටපු ක්‍රීඩකයකු වන මහේල ජයවර්ධන මහතා ඒ අනුව ඊයේ 2023-01-01 වැනිදා සිට තවත් වසරක කාලයක් එම ධුරයේ කටයුතු කරනු ඇත.
ජාතික ක්‍රිකට් කණ්ඩායමේ සිට වයස අවුරුදු 17 න් පහළ කණ්ඩායම දක්වා මෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් උසස් කාර්ය සාධන ඒකකයේද පුහුණු උපදේශකවරයා ලෙස මහේල ජයවර්ධන මහතා කටයුතු කරයි.
ඩුබායි හි පැවැති 2021 ලෝක කුසලාන තරගාවලියේ දී මහේල ජයවර්ධන මහතා පළමු වරට එම ධුරයට පත් වූයේ ය.
මහේල ජයවර්ධන මහතා මුම්බායි ක්‍රිකට් සමූහයේ පුහුණුකරු ලෙසද කටයුතු කරයි.

