අදත් දුම්රිය තුනක් අවලංගුයි

අදත් දුම්රිය තුනක් අවලංගුයි

දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවකයින් විශ්‍රාම යාම නිසා ඇති වු සේවක හිඟය හේතුවෙන් අද උදෑසන කාලයේ ධාවනය වීමට නියමිතව තිබූ කාර්යාල දුම්රිය 3ක් අවලංගු කර තිබෙනවා.

ඊයේ දිනයේ දීත් දුම්රිය ගමන්වාර 18 ක් අවලංගු කිරීමටයි බලධාරීන් කටයුතු කර තිබුණේ.

මේ අතර නව දුම්රිය ස්ථානාධිපතිවරුන් 44 දෙනෙකුට අද පත්වීම් ලබා දීමට නියමිත බවයි දුම්රිය දෙපාර්මේන්තුව සඳහන් කළේ.