පාසල්වලට සිසුන් ඇතුළත් කරන ක්‍රමවේදයේ වෙනසක්

පාසල්වලට සිසුන් ඇතුළත් කරන ක්‍රමවේදයේ වෙනසක්

පාසල්වල 2 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා සිසුන් ඇතුළත් කිරීම සඳහා දැනට ක්‍රියාත්මක වන චක්‍රලේඛ විධිවිධාන තවදුරටත් විධිමත් කිරීමට පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව එම නව සංශෝධනයන්ට අනුකූලව පාසල්වලට සිසුන් ඇතුළත් කිරීමේ දී නව ක්‍රමවේදයක් සඳහා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව ඇති බවයි කැබිනට් තීරණ මගින් දැනුම්දී ඇත්තේ.

අතරමැදි ශ්‍රේණිවලදී පාසල් මාරු කිරීමට අවශ්‍යතාවක් ඇති කණ්ඩායම් හඳුනාගෙන සියලුම සිසුන්ට සාධාරණ සහ සමප්‍රවේශ අවස්ථා හිමිගැන්වෙන පරිදි නව ක්‍රමවේදය හරහා සිදු කෙරෙනු ඇති.

මෙම නව ක්‍රමවේදය 6 ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමේ දී අදාළ නොවන බවත් කැබිනට් තීරණයේ සඳහන්.

දැනට පවතින 1-5 ශ්‍රේණිවල එක් පන්තියක උපරිම සිසුන් සංඛ්‍යාව 40ක් සහ 6-11 ශ්‍රේණිවල එක් පන්තියක උපරිම සිසුන් සංඛ්‍යාව 45ක් වශයෙන් පවත්වාගෙන යාම ඇතුලු කරුණු කිහිපයකට අධ්‍යාපන අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමි වුණා