පෙට්‍රල් මිල ඉහළට

ඉන්ධන සඳහා පවතින බදු අනුපාත ද ඉහළ නැංවීමට යෝජනා වී තිබේ.
ඒ, ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ දැනට පවතින අමෙරිකානු ඩොලර් මිලියන 2,758ක ණය මුදල මුල්‍යනය කිරීම සඳහා වාර්ෂිකව දළ දේශීය නිෂ්පාදනයෙන් 0.3%ක ආදායමක් උපයා ගැනීම සඳහා ඊට අදාළ මුදල් පනත පාර්ලිමේන්තුව සම්මත කරන තුරුය.
සියලුම ඉන්ධන සඳහා පැවති බදු ඉහළ නංවා ඇති අතර සෑම ඉන්ධන ලීටරයකටම රුපියල් 25ක බද්දක් එක් කර තිබේ.
ඒ අනුව ඔක්ටේන් 92 සහ ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක තීරුබදු රුපියල් 27 සිට රුපියල් 52 දක්වාත්, සුපර් ඩීසල් රුපියල් 13 සිට රුපියල් 38 දක්වා ඉහළ නංවා ඇත.

