කැබිනට්ටුවට අලුත් ඔළු ගෙඩි

කැබිනට්ටුවට අලුත් ඔළු ගෙඩි

නව කැබිනට් අමාත්‍යවරු දොළොස් දෙනෙකු සහ ආණ්ඩුකාරවරු හත් දෙනෙකු මේ මස අග දී පත් කිරීමට නියමිත බව වාර්තා වෙනවා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජ්‍යේෂ්ඨයන් වැඩි දෙනෙකුට මෙහි දී අමාත්‍ය ධුර හිමි වනු ඇති බව යි සඳහන් වන්නේ.

මීට පෙර පොදුජන පෙරමුණු ජ්‍යේෂ්ඨයන් කිහිප දෙනෙකුට අමාත්‍ය ධුර ලබා දීමට තීරණය වී තිබුණත් එය පසු ව කල් ගියා.

මේ අතර, එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනට ද අමාත්‍ය ධුරයක් හිමි වීමට නියමිත බවත් සඳහන්.

අමාත්‍ය ධුරවලට අමතර ව දකුණ, සබරගමුව, වයඹ සහ නැඟෙනහිර පළාත් සඳහා ආණ්ඩුකාර ධුර ද පිරිනැමීමට නියමිත බවත් වාර්තා වෙනවා.