අරගලයේ රන්දිමාල් ගමගේ අත්අඩංගුවට

අරගලයේ රන්දිමාල් ගමගේ අත්අඩංගුවට

Update:- අත්අඩංගුවට ගත් අරගලයේ ක්‍රියාකාරී රන්දිමාල් ගමගේ ඇප මත මුදා හැර තිබේ.

ජාතික රූපවාහිනයට අයුතු ලෙස ඇතුළුවීමේ චෝදනාව මත අද(05) කටුනායක ගුවන්තොටුපොළේදී ඔහු අත්අඩංගුවට පත්විය.

ඒ, විදේශගතව සිට ඔහු දිවයිනට පැමිණි අවස්ථාවේදී ය.

පොලීසිය සඳහන් කළේ, රන්දිම ගමගේ මහාතාට එරෙහිව කොළඹ අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයෙන් විදෙස් ගමන් තහනමක් පනවා ඇති බවයි.

…………………………………………………………………………………..

අරගලයේ සමාජික රන්දිමාල් ගමගේ පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, ඔහු ඩුබායි සිට යළි බණ්ඩාරනායක ගුවන්තොටුපොළට පැමිණි අවස්ථාවේ දී.

ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවට බලහ්ත්කාරයෙන් ඇතුළු වීමේ චෝදනාව යටතේ මොහු ව අත් අඩංගුවට ගෙන ඇති බව යි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා නිවේදනය කරන්නේ.