වනාන්තර ඇතුළු ස්වාභාවික සම්පත් ගැන බය හිතෙන කතාවක්

වනාන්තර ඇතුළු ස්වාභාවික සම්පත් ගැන බය හිතෙන කතාවක්

වනාන්තර ඇතුළු ස්වාභාවික සම්පත් සියල්ල අනාරක්ෂිත තත්ත්වයට පත්ව ඇතැයි ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වන හා පාරිසරික විද්‍යා අධ්‍යයනාංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය හේමන්ති රණසිංහ පැවසුවා ය.

භූමිය, ජලය මෙන් ම වායුව ද දූෂණය වෙමින් පවතින බව ත්, කෙටිකාලීනව දියුණු වීමේ උත්සාහයන් නිසා මේ තත්ත්වය උදා වී ඇති බව ත් මහාචාර්යවරිය පෙන්වා දෙයි.

වනාන්තර හෙළිපෙහෙළි කිරීම හේතුවෙන් මේ වනවිට වනගහනය සියයට 16ක් තරම් අඩු වී ඇතැයි පෙන්වා දෙන ඇය රටක වන වැස්ම අවම වීම බරපතළ හානි ගෙනදෙන පරිසර ප්‍රශ්නයක් බව ත් සඳහන් කළා ය.

වගුරුබිම් පුරවා ඉදිකිරීම් සිදුකිරීමත් නගර ව්‍යාප්ත කිරීම සඳහා පරිසරය විනාශ කිරීමත් රටට බරපතළ ලෙස හානි ගෙන දෙන බව ඇය පෙන්වා දුන්නා ය.

වෙරළ කාදනය ද මේ වනවිට බරපතළ අන්දමින් සිදුවන බව කී මහාචාර්යවරිය පොලිතින් මුදා හැරීමෙන් ඇළ, ‍දාළ ගංගා මෙන් ම සතුන් ද විනාශ වන බව කීවා ය.

මේ අතර සිදුවන කාලගුණ විපර්යාසවලින් ද ස්වාභාවික සම්පත් විනාශ වන බව පැවැසූ ඇය දීර්ඝකාලීන හානි සිදුවන්නට පෙර වහාම රටේ පවතින පරිසර ප්‍රශ්නවලට පිළිතුරු සෙවීම ඇරඹිය යුතු බව ද පෙන්වා දුන්නා ය.