කුරුණෑගල ව්‍යාජ දළඳා මාලිගාවේ පත්තිරිප්පුව කඩා ඉවත් කෙරේ

කුරුණෑගල ව්‍යාජ දළඳා මාලිගාවේ පත්තිරිප්පුව කඩා ඉවත් කෙරේ

කුරුණෑගල, පොතුහැර – වදාකඩ ප්‍රදේශයේ ඉදිකර තිබූ ව්‍යාජ දළඳා මාලිගාවේ පත්තිරිප්පු කොටස මේ වන විට කඩා ඉවත් කරමින් තිබෙන බව වාර්තා වෙනවා.

පොලීසිය පැවසුවේ එහි භාරකරුවන් විසින් අද උදෑසන එම ඉවත් කිරීම් ආරම්භ කර ඇති බවය.

මෙම ව්‍යාජ දළදා මාළිගාව සම්බන්ධයෙන් දැඩි මතබේදාත්මක තත්වයක් උද්ගතව ඇති අතර, ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදු කරන්නැයි මහනායක හිමිවරුන් ද රජයෙන් ඉල්ලීමක් කළා.

ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කණ්ඩායමක් එම ප්‍රදේශයට ඊයේ (07) පිටත්ව ගිය අතර, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේ පුරාවිද්‍යා පනත අනුව මේ සම්බන්ධයෙන් කටයුතු කරන බවයි.