ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල මේ මාසයේ

5 වැනි ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල මේ මාසය තුළ නිකුත් කිරීමට සැලසුම් කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.
එම දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ, මේ වනවිට විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම් අවසන් අදියරට ළඟා වී ඇති බවය.
ඉදිරි දින දෙක තුළ එම කටයුතු අවසන් කිරීමට හැකි බව ද දෙපාර්තමේන්තුව පැවසීය.
පසුගිය දෙසැම්බර් 18 වැනි දා පැවති ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටි සිසුන් සංඛ්‍යාව 334,698 කි.

