ධනිෂ්ක ගුණතිලකගේ නඩුව කල් යයි

ධනිෂ්ක ගුණතිලකගේ නඩුව කල් යයි

කාන්තාවකට අතවර කිරීමේ චෝදනාවට අත්අඩංගුවට ගෙන ඇප මත නිදහස්ව සිටින ශ්‍රී ලාංකික ක්‍රිකට් ක්‍රීඩක ධනිෂ්ක ගුණතිලකගේ නඩුව ලබන මස 23 වැනිදා දක්වා යළි කල් දැමුණා.

ඒ, සිඩ්නි හී ඩව්නින් සෙන්ටර් අධිකරණයේ දී අදාළ නඩුව කැඳවූ අවස්ථාවේ දියි.

29 හැවිරිදි කන්තාවක් සිඩ්නි නුවර පොලිසියට කරන ලද පැමිණිල්ලකට අනුවයි මොහු අත්අඩංගුවට ගෙන පසුව ඔහු ඇප මත නිදහස් කෙරුණේ.

එහි දී ධණිෂ්කට දැඩි ඇප කොන්දේසි රැසක් පැනවූ අතර රාත්‍රී 9 සිට උදෑසන 6 දක්වා ගමන් බිමන් ද තහනම් කළා.

අද (12) නඩුව කැඳවූ අවස්ථාවේ දී අධිකරණය සඳහන් කළේ, එම දැඩි කොන්දේසි ඉදිරියටත් වලංගු බවයි.