සතොස භාණ්ඩ 4ක මිල බස්සයි

සතොස භාණ්ඩ 4ක මිල බස්සයි

අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ 4ක මිල පහළ දැමීමට ලංකා සතොස ආයතනය තීරණය කර තිබේ.

ඒ අනුව, සම්බා කිලෝග්‍රෑමයක මිල රුපියල් 5කින් ද සුදු කැකුළු (දේශීය) කිලෝග්‍රෑමයක මිල රුපියල් 16කින් ද සුදු නාඩු (දේශීය) කිලෝග්‍රෑමයක රුපියල් 2කින් ද පාන් පිටි කිලෝග්‍රෑමයක මිල රුපියල් 5කින් ද අඩු කර ඇත.

ජනවාරි 11 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි අදාළ භාණ්ඩවල මිල ගණන් පහත දමන අතර දිවයින පුරා ඇති සියලු ලංකා සතොස අලෙවි සල්වලින් මෙම භාණ්ඩ ලබා ගත හැකි බව ලංකා සතොස ආයතනය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත.

අඩු කළ ආහාර ද්‍රව්‍යවල නව මිල ගණන් පහතින් දැක්වේ.