හිල්මි හෂීස්ගේ නිල කාමරය සේවකයින් වටලයි

විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති හිල්මි හෂීස්ගේ නිල කාමරය එහි සේවකයින් විසින් වටලා තිබෙනවා.
ඒ, පසුගිය වසරට අදාළව ප්‍රසාද දීමනා ලබාදීමට පාලනාධිකාරිය කටයුතු නොකිරීමට එරෙහිවයි.
2022 වසරේ ලක්ෂ 3කට වැඩි පිරිසක් විදෙස් ගත කිරීම සිය කාර්යාංශය විසින් සිදුකර ඇති බවත් ඒ අනුව අදාළ ප්‍රසාද දීමනා ලබාදීමේ ගැටලුවක් පාලනාධිකාරියට නොමැති බවත් සේවකයින් පෙන්වා දෙනවා.
ඒ පිළිබඳ සභාපතිවරයාගේ නිල කාමරයට පැමිණි සේවකයින් ප්‍රශ්න කර ඇති අතර එහිදී උණුසුම් සංවාදාත්මක තත්ත්වයක් ඇතිව තිබෙනවා.
කෙසේ වෙතත් ඊට සාධණීය විසදුමක් ඉදිරි දින කිහිපයේ දී ලබාදෙන බවට විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපතිවරයා පොරොන්දු වීමෙන් අනතුරුව සේවකයින් ඔහුගේ නිල කාමරයෙන් ඉවත්ව ඇති බවයි වාර්තා වන්නේ.

