IMF සිහිනය කවදා ද ?

IMF සිහිනය කවදා ද ?

ද්වීපාර්ශවික ණය දෙන්නන් සමඟ ගිවිසුම්ගත වීම ප්‍රමාද වීම හේතුවෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලයේ අනුමැතිය සහ මුදල් ලබාදීම ප්‍රමාද වී ඇති අතර රටේ ජන ජීවිතයට ද එමඟින් බලපෑම් එල්ල වී ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ පවසනවා.

අද (12) පැවති වොයිස් ඔෆ් ද ග්ලෝබල් සවුත් සමිට් ජී 20 සමුළුවට මාර්ගගත ක්‍රමය ඔස්සේ එක්වෙමිනුයි මුදල් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටියේ.

ශ්‍රී ලංකාව වැනි කුඩා ආර්ථිකයන් පවතින රටවල ආර්ථිකය යථාවත් කිරීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ අනෙකුත් බහුපාර්ශවික ණයදෙන ආයතනවල සැළකිය යුතු මැදිහත්වීමක් අවශ්‍ය බව ද රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ එහිදී ප්‍රකාශ කළා.

මේ අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් ශ්‍රී ලංකාවට ලබාදීමට යෝජිත ඇමෙරිකානු ඩොලර් මිලියන 2900ක මූල්‍ය පහසුකම ශ්‍රී ලංකාව වෙත ලැබීම තවදුරටත් ප්‍රමාද වෙනු ඇතැයි ජාත්‍යන්තර පර්යේෂණ ආයතනයක් වන ස්ටෑන්ඩර්ඩ් චාර්ටර්ඩ් ආයතනය පවසයි.

මේ අනුව මේ වසරේ පළමු කාර්තුවේදී අනුමැතිය හිමිවේයැයි අපේක්ෂා කළ එම පහසුකමට අනුමැතිය ලබාදීම මේ වසරේ දෙවැනි කාර්තුව දක්වා ඉදිරියට යනු ඇතැයි එම ආයතනය තවදුරටත් පවසයි.

ද්විපාර්ශ්වික ණය හිමියන්ගෙන් මූල්‍ය සහතික ලබා ගැනීමේ ප්‍රමාදයන් හේතුවෙන් මෙම පුරෝකථනය කර තිබේ. එසේම මෙය වාණිජ ණය හිමියන් සමඟ සාකච්ඡා තවදුරටත් ප්‍රමාද කළ හැකි බවත් ආයතනය පෙන්වා දෙයි.