දෛනිකව දුම්රිය ගමන් වාර 30ක් ගමන් නොකරයි

දෛනිකව දුම්රිය ගමන් වාර 30ක් ගමන් නොකරයි

දැනට පවතින 400 ක් වන දෛනික දුම්රිය ගමන් වාර සංඛ්‍යාව 30 කින් අඩු කිරීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව ලබන සඳුදා සිට දෛනිකව ධාවනය කෙරෙන දුම්රිය ගමන් වාර සංඛ්‍යාව 370 ක් බවයි විෂය භාර අමාත්‍ය බන්දුල ගුණවර්ධන රජයේ ප්‍රවෘත්ති දෙපාර්ත්මේන්තුවේ අද (13) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේ.

එසේ ම විශ්‍රාම ගිය දුම්රිය රියදුරන් හා නියාමකයන් කොන්ත්‍රාත් පදනම මත සේවයේ යෙදවීමට රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ අනුමැතිය හිමිවූ බවද අමාත්‍යවරයා සඳහන් කළා.