අන්තරේ විරෝධයෙන් මාර්ග කිහිපයක් අවහිර වෙයි

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය ආරම්භ කර ඇති පා ගමනක් හේතුවෙන් කොළඹ 07, බෞද්ධාලෝක මාවත තාවකාලික ව වසා දමා තිබෙනවා.
තුන්මුල්ලේ පිහිටි එක්සත් ජාතින්ගේ කාර්යාලය අසලින් මාර්ගය මෙලෙස වසා දමා ඇති බව යි වාර්තා වෙන්නේ.
මේ අතර අදාළ විරෝධතාව සම්බන්ධයෙන් අද (16) දහවල් පොලිසිය අධිකරණයට කරුණු ඉදිරිපත් කළ අවස්ථාවේ දී නියෝග කළේ, විරෝධතාකරුවන්ට ගාලු මුවදොරට පිවිසීමට අවසර ලබා නො දෙන බව යි.
කෙසේ වෙතත් වෙනත් ස්ථානයක සාමාකාමී ව විරෝධතා පැවැත්විය හැකි බව කොටුව මහේස්ත්‍රාත් අධිකරණය දැනුම් දුන්නා.

