තලවාකැලේ ගින්නක් – නිවාස 12ක් විනාශ වෙයි

තලවාකැලේ වතුයායේ ඕඩ්ලන්ඩ් කොටසේ වතු නිවාස පේළියක ඇතිවූ ගින්නකින් නිවාස 12ක් සම්පූර්ණයෙන් විනාශ වී තිබෙනවා.
විදුලි කාන්දුවක් ගින්නට හේතුව බව පොලිසිය සැක පළ කරනවා.
ඊයේ (15) රාත්රියේ හටගත් මෙම ගින්නෙන් කිසිදු ජීවිත හානියක් වාර්තාවී නොමැති බවයි පොලිසිය සඳහන් කළේ.
සාමාජිකයන් 47 දෙනෙකු ඥාති නිවෙස්වල තාවකාලිකව පදිංචි කර තිබෙනවා.
තෛපොංගල් දින උත්සවය ඊයේට යෙදී තිබූ අතර, මේ නිසා බොහෝ පිරිසක් වතු යායේ තිබූ තෛපොංගල් සැමරුමට එක්ව සිට ඇති බවයි වාර්තා වෙන්නේ.

