රිච්ටර් මාපක 6.2 ක භූ කම්පනයක්

රිච්ටර් මාපක 6.2 ක භූ කම්පනයක්

අද (16) උදෑසන බටහිර ඉන්දුනීසියාවේ ආචේ පළාතට ආසන්න මුහුදු පතුලේ භූ කම්පනයක් සිදු වූ බවට විදෙස් මාධ්‍ය තොරතුරු වාර්තා කරනවා.

රිච්ටර් මාපක 6.2 ක ප්‍රබලත්වයෙන් යුත් මෙම භූමිකම්පාව හේතුවෙන් කිසිදු බරපතල හානියක් හෝ ජීවිත හානි පිළිබඳ වාර්තා වී නොමැති බවයි එරට මාධ්‍ය වාර්තා කරන්නේ.

බටහිර ඉන්දුනීසියාවේ ආචේ පළාතේ වෙරළබඩ දිස්ත්‍රික්කයක් වන සිංකිල් සිට කිලෝමීටර් 40 ක් (සැතපුම් 25 ක්) ගිනිකොන දෙසින් හා කිලෝමීටර් 37ක් (සැතපුම් 23 ක්) ගැඹුරින් එම භූ කම්පනය සිදුව ඇතැයි එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය පවසයි.

https://bit.ly/3Xt839E