දැනට පවතින විශ්‍රාම වැටුප් ක්‍රමය වෙනුවට නව ක්‍රමයක් හඳුන්වා දීමට රජයේ අවධානය

දැනට පවතින විශ්‍රාම වැටුප් ක්‍රමය වෙනුවට නව ක්‍රමයක් හඳුන්වා දීමට රජයේ අවධානය

පැවති රජය 2016 වර්ෂයේදී, දැනට පවතින විශ්‍රාම වැටුප් ක්‍රමය වෙනුවට නව ක්‍රමයක් හඳුන්වා දිමට තීරණයක් ගෙන ඇතත් ඒ සඳහා ප්‍රායෝගික විකල්ප වැඩපිළිවෙළක් එම රජය යෝජනා කර හෝ ක්‍රියාත්මක කර නොමැති බවත්, එමනිසා එම ගැටලුව හඳුනා ගත් පවතින රජය ඉදිරියේදී හෝ ක්‍රියාත්මක කළ හැකි ආකාරයේ දායකත්ව විශ්‍රාම වැටුප් ක්‍රමයක් පිළිබද අවධානය යොමු කරමින් සිටින බවත්, අග්‍රාමාත්‍ය සහ රාජ්‍ය පරිපාලන,ස්වදේශ කටයුතු, පළාත් පාලන හා පළාත් සභා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ඊයේ (17 ) පාර්ලිමේන්තුවේදී කියා සිටියා.

ඔහු මෙම අදහස් පළ කළේ, පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්නවාචික පිළිතුරු අපේක්ෂාවෙන් විමසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනුයි.