නාමයෝජනා භාර ගැනීමෙන් පසු පුංචි ඡන්දය පැවැත්වීමට අවශ්‍ය පියවර ගන්නවා

නාමයෝජනා භාර ගැනීම අවසන් වූ පසු පළාත් පාලන ඡන්දය පැවැත්වීමට අවශ්‍ය පියවර ගන්නා බව, මැතිවරණ කොමිසම ශ්‍රේෂ්ඨාධිකරණයට දන්වා ඇති බව වාර්තා වෙනවා.
පළාත් පාලන මැතිවරණය සඳහා නාමයෝජනා භාර ගැනීම අද (18) ආරම්භ වුණා.
මේ අතර, මැතිවරණ වියදම් නියාමන පනත් කෙටුම්පත පිළිබඳ සාකච්ජා කිරීමට, ජනපති සහ අගමැති ප්‍රධානත්වයෙන් අද සවස 2.30ට විශේෂ පක්ෂ නායක රැස්වීමක් පැවැත්වෙන බව, කතානායකවරයා දැනුම් දී තිබෙනවා.

