මෛත්‍රීගේ වන්දිය ගෙවන්න සුදත්ත තිලකසිරි කැට හොල්ලයි

පාස්කු ප්‍රහාර නඩුව අනුව හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේනට නියම වූ රුපියල් කෝටි 10ක වන්දි මුදල ගෙවීම වෙනුවෙන් කලාකරුවෙක් වන සුදත්ත තිලකසිරි ඊයේ (17) කොළඹ කොටුවේ දී කැට සොලවා මුදල් එකතු කිරීමක් සිදු කර තිබෙනවා.
මෙහි දී රුපියල් 1810ක මුදලක් එකතු වූ ඇති අතර, එම මුදල ඔහු විසින් හිටපු ජනපතිවරයා වෙත භාරදීමට කටයුතු කර ඇති බව යි වාර්තා වන්නේ.
හිටපු ජනපතිවරයා පසුගිය දා ප්‍රකාශ කළේ, අධිකරණයෙන් නියම වූ රුපියල් කෝටි 10ක වන්දි මුදල ගෙවීමට ප්‍රමාණවත් තරම් වත්කමක් තමන්ට නොමැති බව යි.
ඒ හේතුවෙන් එම මුදල හිතවතුන්ගෙන් ලබා ගැනීමට කටයුතු කරන බවත් ඔහු ප්‍රකාශ කළා.




