පෙම්වතියට ඇසිඩ් ගහන්න ගිය පෙම්වතාටත් ඇසිඩ් ගහලා

පෙම්වතියට ඇසිඩ් ගහන්න ගිය පෙම්වතාටත් ඇසිඩ් ගහලා

උසස් පෙළ විභාගයට පෙනීසිටීම සඳහා සිය පියා සමඟ ත්‍රිරෝද රථයකින් යමින් සිටි 21 හැවිරිදි තරුණියකට කෑගල්ල – පරගම්මන ප්‍රදේශයේ දී තරුණයෙකු විසින් ඇසිඩ් ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.

අදාළ තරුණයා තරුණියගේ පෙම්වතා බවට පැවසෙන අතර ඔහු ඊයේ (23) යතුරුපැදියකින් පැමිණ මග හරස් කොට ඇසිඩ් ප්‍රහාරය එල්ල කර ඇති බව යි පොලිසිය සඳහන් කළේ.

එහි දී පියා විසින් එය ව්‍යාර්ථ කර ඇති අතර, පසුව තරුණියගේ පියා, තරුණයාට යළි ඇසිඩ් ගැසීමට සූදානම් වූ අවස්ථාවේ දි ඇති වූ උණුසුම් තත්වයත් සමඟ ඔවුන් තිදෙනාට ම ඇසිඩ් වැදී තිබෙනවා.

තරුණියට අමතර ව 45 හැවිරිදි පියා සහ 21 හැවිරිදි තරුණයා ද කෑගල්ල මහ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන බව යි පොලිසිය සඳහන් කළේ.