ගම්පොළ බැංකුවක ගලවාගෙන ගිය ATM යන්ත්රයේ තිබූ ගණන හෙළිවෙයි

ගම්පොළ නගරයේ පිහිටි පෞද්ගලික බැංකුවෙන් සොරකම් කළ ඒ.ටී.එම්. යන්ත්රයේ රුපියල් හැත්තෑ හය ලක්ෂ 46,700 ක මුදලක් තිබී ඇති බව පොලීසිය පවසනවා.
මේ අතර, ඒ.ටී.එම්.යන්ත්රය ගලවාගෙන යාමේ සිද්ධියට කොල්ලකරුවන් පැමිණි වෑන් රථය පේරාදෙණිය ප්රදේශයේ දමාගොස් තිබියදී සොයා ගත් අතර එහි රියදුරු පොලීසිය විසින් මේ වනවිට අත්අඩංගුවට ගෙන රඳවාගෙන ප්රශ්න කරමින් සිටින බවයි වාර්තා වෙන්නේ.
අද අලුයම් කාලයේ අයුද සන්නද්ධ පිරිසක් ගම්පොළ නගරයේ පෞද්ගලික බැංකුවක ස්වයංක්රීය ගනුදෙනු ඒකකයේ මුදල් තැන්පත් යන්ත්රය කොල්ල කා පළා ගොස් තිබුණා.
පොලීසිය සඳහන් කළේ බැංකුවේ ආරක්ෂක නිලධාරියා බිය ගන්වා මෙම කොල්ලය සිදු කර ඇති බවයි.
සිද්ධිය සම්බන්ධයෙන් ගම්පොළ පොලීසිය පරීක්ෂණ ආරම්භ කර තිබුණා.
සබැඳි පුවත :- https://bit.ly/3iZQwYj

