ඩොලර් මිලියන 6.5හේ නඩුවෙන් කබ්රාල් නිදහස්

ඇමෙරිකා ඩොලර් මිලියන 6.5 ක රජයේ මුදලක් සාපරාධී සාවද්‍ය පරිහරණය කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාට එරෙහි නඩුවෙන් ඔහු මුදා හරින ලෙස කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද නියෝග කළා.
කෙසේ වෙතත් සංශෝධිත පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට නියමිත බවයි අධිකරණය හමුවේ ප්‍රකාශ වුණේ.
දැනට සිදු කර තිබූ පැමිණිල්ල තාක්ෂණික දෝෂයක් හේතුවෙන් ඉල්ලා අස් කර ගැනීමට පැමිණිලිකාර පාර්ශ්වය අවසර ඉල්ලුවා.
එම ඉල්ලීම සළකා බැලූ මහේස්ත්‍රාත්වරයා සංශෝධිත පැමිණිල්ල ගොනු කිරීමට අවසර ලබා දෙන අතර කබ්රාල් මහතා චෝදනාවලින් නිදහස් කිරීමටද නියෝග කළා.
පැමිණිලිකාර පූජ්‍ය තීනියාවල පාලිත හිමියන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතා පැවසුවේ මෙම සිද්ධියට අදාළව තවත් කිහිපදෙනෙකුට එරෙහිව නීතිමය පියවර ගැනීමට නියමිත බවයි.
ඒ අනුව නැවත පැමිණිල්ලක් ගොනු කිරීමට අවසර ඉල්ලා සිටින බවයි ඔහු ප්‍රකාශ කළේ.

