දියවන්නාවේ ඔරුවක් පෙරළෙයි – අයෙක් අතුරුදන්

දියවන්නාවේ ඔරුවක් පෙරළෙයි – අයෙක් අතුරුදන්

පාර්ලිමේන්තුව අසල කිඹුලාවල ප්‍රදේශයේ දියවන්නා ඔයේ අධිආරක්ෂිත කලාපයේ අනවසරයෙන් මසුන් අල්ලමින් සිටි දෙදෙනෙකු ගමන් ගත් ඔරුවක් පෙරලීමෙන් අයෙකු අතුරුදන්ව තිබෙනවා.

අනෙක් පුද්ගලයා පිහිනා ගොඩට පැමිණ දිවි ගලවාගෙන ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

අද (26) අලුයම 2ට පමණ මොවුන් මෙලෙස මසුන් ඇල්ලීම සඳහා පැමිණ ඇති අතර, අලුයම 4.30ට පමණ අනතුර සිදු ව ඇති බව පොලීසිය සඳහන් කළා.