ගෙදරට කැන්දන් ආ මනාලිය මනාලයාගේ කන කාලා

විවාහයෙන් පසු දෙවැනි ගමන නිමා කොට නිවසට පැමිණි මනාලයා මිතුරකු සමඟ බියර් පානය කලයි උරනවූ මනමාලිය මනාලයාට පහර දී කන සපා කෑ පුවතක් ගම්පොලින් වාර්තා වෙයි.
මනාලයාට පහරදුන් මනමාලිය මනාලයාගේ සිරුරද සූරා තුවාළ කොට මනමාලයාගේ නැගණියට ද පහර දී, නැන්දම්මාට සහ මාමාට බැණ වැදී පැලද සිටි මංගල මුදුව මනමාලයාට ගලවා දී විවාහය නිමා කළ ඇතැයි ද එම වාර්තා සඳහන් කරයි.
මෙම යුවල වසර 07ක් පෙම්වතුන් ලෙස ගත කිරීමෙන් අනතුරුව යි විවාහ වී ඇත්තේ.
මෙම ආරාවුලින් පසු ඇය සිය නිවසට දුරකථන ඇමතුමක් දී තමා රැගෙන යාමට පැමිණෙන ලෙස දන්වා ඇති අතර මනාලියගේ පාර්ශ්වයේ විශාල පිරිසක් ත්‍රිරෝද රථවලින් මනමාලයාගේ නිවසට පැමිණීමත් සමඟ සිද්ධිය පොලිස් හදිසි ඇමතුම් අංශයට දැනුම් දී තිබේ.
මනාලයාද තමාට දී තිබූ රන් මාලය නැවත ලබාදී ඇති අතර මනාලිය සිය පිරිස සමඟ ඇගේ නිවෙසට ගොස් ඇතැයි පොලිසිය පවසයි.

