රජයේ බදු ප්‍රතිපත්තිවලට එරෙහිව අදත් විරෝධතා

රජයේ බදු ප්‍රතිපත්තිවලට එරෙහිව වෘත්තීයවේදීන් ප්‍රකාශයට පත්කර ඇති කළු විරෝධතා සතිය අද (27) පස් වැනි දිනටත් ක්‍රියාත්මක වුණා.
ඒ අනුව අදත් විවිධ ප්‍රදේශවලදී වෘත්තියවේදීන් විරෝධතා ව්‍යාපාරවල නිරත වුණා.
රජයේ බදු ප්‍රතිපත්තියට එරෙහිව වෘත්තියවේදීන් කළු විරෝධතා සතියක් ආරම්භ කළේ පසුගිය 23 වැනි දා යි.
රජය විසින් ඉදිරිපත් කර ඇති බදු ප්‍රතිපත්තිවලට එරෙහිව පේරාදෙණිය විශ්වවිද්‍යාලයීය ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති සම්මේලනය ද විරෝධතාවක නිරත වුණා.
මේ අතර ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ කොළොන්නාව නිමාව ඉදිරිපිටදී ඛනිජ තෙල් වෘත්තිය සමිති එකමුතුව අද (27) දහවල් විරෝධතාවක් පැවැත්වීය.
‘එක්වෙමු – පෙළගැසෙමු, අසාධාරණ බදු ප්‍රතිපත්තිය වහා හකුලා ගනු’ යන තේමාව යටතේ එම විරෝධතාව පැවැත්විණි.

