අභිරහස් ලෙස මිය ගිය ව්‍යාපාරිකයා සම්බන්ධයෙන් තොරතුරු රැසක් එළියට

අභිරහස් ලෙස මියගොස් සිටියදී පොලීසිය විසින් සොයාගනු ලැබූ කෝටිපති ව්‍යාපාරිකයාගේ මරණය සම්බන්ධයෙන් තවත් තොරතුරු රැසක් මේ වනවිට අනාවරණය වී ඇති බව පොලීසිය පවසයි.
එසේම වැඩිදුරටත් සැකපළකරන්නේ ඝාතකයන් මේ වනවිට රටින් පළාගොස් ඇති බවටය.
ඊයේ (01) දිනයේ බත්තරමුල්ල පැලවත්ත ප්‍රදේශයේ තෙමහල් නිවසක නාන තටාකයක පාවෙමින් තිබියදී කොළඹ ජනප්‍රිය නිමි ඇඳුම් සාප්පු ජාලයක හිමිකරුවෙකු වන රොෂාන් වන්නිනායක මහතාගේ සිරුර සොයාගනු ලැබීය.
මේ අතර අදාළ මළ සිරුර හමුවූ නාන තටාකය ආසන්නයේ ලේ පැල්ලම් කිහිපයක් ද සොයාගෙන ඇති අතර මේ හේතුවෙන් පොලීසිය සැකපළ කරන්නේ මෙය ඝාතනයක් වියහැකි බවටය.
එහිදී සිදුකළ මූලික විමර්ශනවලට අනුව සැකපළ කරන්නේ හිසට පහරදී ඝාතනය කර අනතුරුව සිරුර ඇදගෙන විත් නාන තටාකයට දමා ඇති බවටය.
මෙලෙස මියගොස් ඇති ව්‍යාපාරිකයා 50 හැවිරිදි වියේ පසුවූ අතර ඔහු අවිවාහකයෙකි.
මේ අතර එම ව්‍යාපාරිකයා අවසන්වරට තම ව්‍යාපාරික ස්ථානයක් වෙත මෝටර් රථයෙන් ගොස්, බත්තරමුල්ල – පැලවත්ත, එම්.ඩී.එච් පුර ප්‍රදේශයේ නිවසේ යතුර රැගෙන පැමිණ ඇති බවට විමර්ශනවලදී හෙළි වී තිබෙනවා.
කෙසේ වෙතත්, ඔහු පැමිණි මෝටර් රථය එහි තිබී නොමැති බවයි අනාවරණ වී ඇත්තේ.
එමෙන්ම, එම ව්‍යාපාරිකයාගේ ජංගම දුරකතනය සහ මුදල් පසුම්බියද අස්ථානගත වී තිබෙනවා.
පසුගිය 30 වනදා සිට තම සොහොයුරා නිවසට නොපැමිණි බව සඳහන් කරමින් අදාළ ව්‍යාපාරිකයාගේ සොහොයුරිය වැල්ලම්පිටිය පොලිසියට පැමිණිල්ලක් කර තිබුණා.
ඒ අනුව විමර්ශන ආරම්භ කළ පොලිසිය එම ව්‍යාපාරිකයාගේ සිරුර ඔහුට අයත් පැලවත්ත – එම්.ඩී.එච් පුර ප්‍රදේශයේ නිවසේ නාන තටාකයේ තිබී සොයාගනු ලැබුවේ ඊයේ දහවල් කාලයේදියි.

