පොලිස් අධිකාරිවරු පස්දෙනෙකුට උසස්වීම්

පොලිස් අධිකාරීවරුන් පස්දෙනෙකු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් ලෙස උසස් කර තිබෙනවා.
පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ මහජන ආරක්ෂක අමාත්‍ය ලේකම්වරයා සහ මැතිවරණ කොමිසන් සභාවේ අනුමැතිය පරිදි පොලිස්පතිවරයා විසින් මෙම උසස්වීම් ලබා දී තිබෙනවා.
ඒ අනුව පොලිස් අධිකාරී ජේ. චන්ද්‍රකුමාර, විශ්‍රාමික ජනාධිපති ආරක්ෂක කොට්ඨාසයේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා ලෙස පත් කර තිබෙනවා.
එමෙන්ම පොලිස් අධිකාරී ආර්. නූර්දින් පොලිස් විශේෂ කාර්යාංශයේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා ලෙසත්, පොලිස් අධිකාරී එම්. රිෆාට්, ප්‍රවාහන කොට්ඨාසයේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා ලෙස පත් කිරීමටයි පියවර ගෙන ඇත්තේ.
එමෙන්ම පොලිස් අධිකාරී බී මනතුංග ළමා හා කාන්තා අපයෝජන වැළැක්වීමේ කාර්යාංශයේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා ලෙසත්, පොලිස් අධිකාරී එස්. ද සිල්වා ජයසේකර අගමැති ආරක්ෂක කොට්ඨාසයේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා ලෙසත් පත්ව තිබෙනවා.

