“Slave Island” නාමය ගැලවෙයි කොම්පඤ්ඤ වීදිය ඇලවෙයි

“Slave Island” නාමය ගැලවෙයි කොම්පඤ්ඤ වීදිය ඇලවෙයි

ඉංග්‍රීසි භාෂාවෙන් ‘Slave Island’ ලෙස හැඳින්වූ කොම්පඤ්ඤවීදිය සිංහල, දෙමළ, ඉංග්‍රීසි භාෂා ත්‍රිත්වයෙන්ම “කොම්පඤ්ඤ වීදිය” ලෙස භාවිත කිරීමට අදාළව නිසි සංශෝධනයන් කිරීමට කඩිනමින් පියවර ගන්නා ලෙස අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක මහතා රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශ ලේකම්වරයාට උපදෙස් දී තිබේ.

අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය පැවසුවේ, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ උපදෙස් පරිදි 75 වෙනි නිදහස් දිනයට සමගාමීව ගෙන ඇති මෙම තීරණය සම්බන්ධයෙන් තැපැල්පතිවරයා හා කොළඹ මහ නගර සහාවේ නාගරික කොමසාරිස්වරයා ද දැනුවත් කර ඇති බවයි.

කොම්පඤ්ඤ වීදියට, සිංහල හා දෙමළ භාෂාවෙන් කොම්පඤ්ඤ වීදිය ලෙස භාවිත කළ ද ඉංග්‍රීසි භාෂාවෙන් තවමත් එම ප්‍රදේශය හැඳින්වෙන්නේ යටත් විජිත සමයේ එම පෙදෙස හැඳින්විමට යොදාගත් ‘Slave Island’ යන නමයි.