ගොවීන් වෙත ලබා දුන් මුදල් වැරදි බැංකු ගිණුම් අංක වෙත

ගොවීන් වෙත ලබා දුන් මුදල් වැරදි බැංකු ගිණුම් අංක වෙත

ගොවීන් වෙත ලබා දුන් රුපියල් මිලියන 1300ක මුදලක් වැරදි බැංකු ගිණුම් අංක ලබා දීම හේතුවෙන් ආපසු බැර වී ඇති බව ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව පවසනවා.

මෙවර මහකන්නය සදහා ආසියානු සංවර්ධන බැංකුවේ අරමුදල් යටතේ යළි අය නොකරන ලෙස හෙක්ටයාරයකට රුපියල් 10,000ක් හා හෙක්ටයාර දෙකකට රුපියල් 20,000ක් ලෙස රුපියල් බිලියන 8ක මුදලක් ගොවි පවුල් ලක්ෂ 12ක් වෙත බෙදා දීමට පියවර ගෙන තිබුණා.

එම මුදල් ගොවි ජනතාවගේ ගිණුම් වෙත බැර කිරීමට පෙර ගොවි ජන සේවා මධ්‍යස්ථාන වෙත ගොස්, ලබාදී ඇති ගිණුම් අංකවල නිරවද්‍යතාව පරික්ෂා කරන ලෙස දැනුම් දීමක් කර තිබිය දී යි මෙලෙස වැරදි ගිණම් අංක වෙත මුදල් යොමු කර ඇත්තේ.

ඒ අනුව ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් රුපියල් බිලියන 08න්, රුපියල් මිලියන 6.5ක මුදලක් ගිණුම් ගත කර ඇති අතර ඉන් මිලියන 1300ක මුදලක් මෙලෙස ආපසු ලැබුණු බවයි කෘෂි කර්ම අමාත්‍යාංශය සදහන් කළේ.

තවත් රුපියල් බිලියන 1.5ක් ගොවි ගිණුම් වෙත බැංකුගත කිරීම දිනවල සිදු කරන බව ද එම අමාත්‍යාංශය ප්‍රකාශ කළා