දිවයිනේ ජාතික හා පළාත් සභා පාසල් සඳහා උපාධිධාරී ගුරුවරුන් බඳවා ගැනේ

දිවයිනේ ජාතික හා පළාත් සභා පාසල් සඳහා උපාධිධාරී ගුරුවරුන් බඳවා ගැනීම සඳහා වන තරඟ විභාගයට ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව අයදුම්පත් කැඳවා තිබෙනවා.
ඒ සඳහා, රාජ්‍ය සේවයේ ඕනෑ ම තනතුරක සේවය කරන වයස අවු. 40ට අඩු උපාධිධාරීන්ට අයදුම්පත් යොමු කළ හැකි බවයි අධ්‍යාපන අමාත්‍යාංශය පවසන්නේ.
මෙම පියවර ගනු ලැබූවේ දැනට අ.පො.ස. උසස් පෙළ සඳහා පවතින විශාල ගුරු පුරප්පාඩු සංඛ්‍යාවක් කඩිනමින් පිරවීමේ අවශ්‍යතාව සාක්ෂාත් කර ගැනීම සඳහායි.
එම බඳවා ගැනීමෙන් පසුව ඉතිරි වන හා ඇති වන පුරප්පාඩු පිරවීම සඳහා අනෙකුත් උපාධිධාරීන් බඳවා ගැනීමට පළාත් සභා විසින් පියවර ගනු ඇති.

