අෂ්වින් මුරලිට පමණක් සෙකන්ඩ් වෙයි

අෂ්වින් මුරලිට පමණක් සෙකන්ඩ් වෙයි

ටෙස්ට් පිටියේ සිය 450 වැනි කඩුල්ල දවා ගැනිමට රවිචන්ද්‍ර අෂ්වින් සමත්විය.

ඒ ඔස්ට්‍රේලියාව සමගින් පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේදී ඇලෙක්ස් කැරේ ගේ කඩුල්ල දවා ගනිමිනි. මේ සමගින් කඩුළු 450 සීමාවට පැමිණි ලොව දෙවැනි වේගවත්ම ටෙස්ට් පන්දුයවන්නා බවට අෂ්වින් පත්විය.

අෂ්වින් මෙම සීමාවට පැමිණිමට ටෙස්ට් තරග 89 කට සහභාගි වී ඇත. මෙහි පෙරමුනේ පසුවන්නේ ලොව බිහිවූ විශිෂ්ඨතම දඟපන්දු යවන්නා ලෙස සැලකෙන ශ්‍රී ලංකාවේ මුත්තයියා මුරලිදරන්ය.

ඔහු ටෙස්ට් තරඟ 80 කදී මෙම කඩඉමට ලඟා වී ඇත. ලෝක මට්ටමේදී මෙම සීමාවට ලගා වූ 9 වැනි පන්දු යවන්නා මෙන්ම දෙවැනි ඉන්දීය පන්දු යවන්නාද අෂ්වින් වේ.

මීට පෙර ඉන්දියාවෙන් බිහිවූ විශිෂ්ඨ දඟ පන්දු යවන්නෙකු වූ අනිල් කුම්බ්ලේ මෙම සීමාවට ලගා වූයේ 2005 වර්ෂයේදීය.

අෂ්වින් මේ වන විට ටෙස්ට් පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීමේ සිව්වැනි ස්ථානය මෙන්ම තුන් ඉරියව් ශ්‍රේණිගත කිරීමේ දෙවැනි ස්ථානය හිමිකරගෙන සිටියි.

https://bit.ly/3RPgb2D