උග්‍ර මන්දපෝෂණයෙන් පෙළෙන ළමුන්ට අධිපෝෂණදායී ආහාර පැකේජයක්

උග්‍ර මන්දපෝෂණයෙන් පෙළෙන ළමුන්ට අධිපෝෂණදායී ආහාර පැකේජයක්

උග්‍ර මන්ද පෝෂණයෙන් පෙළෙන ළමුන් සඳහා අධිපෝෂණදායී ආහාර පැකේජයක් ලබා දීම ආරම්භ කළ බව පවුල් සෞඛ්‍ය කාර්යාංශය පවසයි.

එහි අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය චිත්‍රමාලි ද සිල්වා මහත්මිය සඳහන් කළේ , ලෝක ළමා අරමුදලේ ආධාර ඇතිව එම වැඩපිළිවෙළ ක්‍රියාත්මක බවයි.

මේ වනවිට මෙරට උග්‍ර මන්ද පෝෂණයෙන් පෙළෙන ළමුන් 20,000 ක් පමණ හඳුනාගෙන ඇති බවද ඇය ප්‍රකාශ කළා ය.

ඒ අනුව ප්‍රාදේශීය රෝහල් කර යොමු කරන වෛද්‍යවරුන් ප්‍රමුඛ කණ්ඩායමක් මගින් ළමයා පරීක්ෂා කිරීමෙන් අනතුරුව එම අධිපෝෂ්‍යදායී ආහාර පැකේජය ලබා දෙනු ඇති.

එම දරුවන් පිළිබඳ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීන් විශේෂ අධීක්ෂණයකට යොමු කරන බවද පවුල් සෞඛ්‍ය කාර්යාංශය සඳහන් කළේ ය.